ක්‍රෝධය පාලනය කර ගන්නා තැනැත්තා දක්ෂ රියදුරෙක් මෙනි

යො චෙ උප්පතිතං කොධඞ්
රතං භන්තං ච ධාරයෙ
තමහං සාරතින් බ්‍රුමි
රස්මිග්ගාහෝ ඉතරෝ ජනො

ඉතා  වේගයෙන් දුවන රථයක් වලකා මනාව හසුරුවා ගන්නා දක්ෂ රියදුරෙකු මෙන්,
යමෙක් සිතෙහි හටගත් ක්‍රෝධය මැඩ පවත්වා ගනීද ඔහු නියම රියදුරෙකි.
සාමාන්‍ය රිය එලවන අන් ජනයා නිකම් තෝන් ලනුව අල්ලන්නෝය.

( ක්‍රෝධ වර්ගය )


නුවනැත්තා සියලු පව් දුරින්ම දුරු කල යුතුය

වානිජෝව භයං මග්ගා
අප්පස්සත්තෝ මහද්ධනෝ
විසං ජිවතුකාමොව
පාපානි පරිවජ්ජයේ

මඳ පිරිවරක් කටුව යන මහා ධනවත් වෙළෙන්දා
බියජනක මගක් හැර (සොර සතුරු උවදුරු ඇති මගක් හැර) යන්නා සේ ද,
ජීවත්වනු කැමැත්තා විෂ අත් හරින්නාසේද,
නුවනැත්තා සියලු පව් දුරින්ම දුරු කල යුතුය

( පාප වර්ගය)


තමා කල නොකළ දේ ගැන විමසීම සැමටම වඩා වැදගත්ය

නපරේසං විලොමානි
නපරේසං කතාකතං
අත්තනොව අවෙක්ඛේය්ය
කතානි අකතානිච

අනුන්ගේ රළු පරළු කතා හා
කල නොකළ දේ ගැන නොසෙවිය යුතුය
තමාම කල නොකළ දේ
ගැන සෙවිය යුතුය


තමා හිසට තම අතමය සෙවනැල්ල

එතමත්ථවසං ඤාත්වා
පණ්ඩිතෝ සීල සංවුතෝ
නිබ්බානගමනං මග්ගං
කිප්පංඑව වීසෝධයේ

මරණයේදී තමාට පිහිට වන්නට
කිසිවෙකු නැති බව දැන ගෙන
නුවනැත්තා ශීල සංවරයෙන් යුක්තව
නිවනට යන මග වහ වහා පිරිසිදු කර ගනී.


සිදු වූ දෑ සිදු වී හමාරය. වෛරය ඔබට කිසිවක් ලබා නොදේ

අක්කොච්චි මං අවධි මං
අජිනි මං අහාසි මේ
යේ තන් උපනය්හන්ති
වේරං තේසං න සම්මති

අසවලා මට බැන්නේය , මට පහර දුන්නේය , මා පැරදවුයේය, මා සතු දේ පැහැර ගත්තේය
යනුවෙන් යලි යලිත් සිතමින් ක්‍රෝධ බදී නම් ඔවුන්ගේ වෛරය නොසන්සිඳේ


ඉන්ද්‍රිය සංවරයෙන් තොර තැනැත්තා මාරයාගේ සුළගෙන් ගසා ගෙන යයි

සුභානුපස්සිඞ් විහරන්තන්
ඉන්ද්රියේසු අසන්වුතන් භෝජනම්හි අමත්තග්නුඞ්
කුසීතන් හීන වීරියන් තන් වේ පසහති
මාරෝ වාතෝ රුක්ඛන් ව දුබ්බලන්

යමෙක් රූපාදී අරමුණු ශුභ යි සලකමින්
ඉන්ද්‍රිය සන්වරයකින්ද තොරව පමණ ඉක්මවා ආහාර ගනිමින්
කම්මැලිව වීර්යයෝ හීනව වෙසේ නම්
කෙලෙස් මාරයා ඔහු මැඩලන්නේ සුළඟ දුර්වල ගසක් මුලිනුපුටා හෙලන්නාක් මෙනි


කාම රාගය, නොවැඩූ සිත විනිවිද යයි

යථා අගාරන් දුච්චන්නඞ්
වුට්ඨි සමති විජ්ජති
එවං අභාවිතඞ් චිත්තඞ්
රාගෝ සමති විජ්ජති

හොඳින් සෙවිලි නොකළ ගෙය වැස්සෙන් තෙමී යන්නා සේ
භාවනාවට පුරුදු පුහුණු නොකළ සිත රාගයෙන් තෙත් වේ
( කාම රාගය, නොවැඩූ සිත විනිවිද යයි )


නොපමා වූ පුද්ගලයාගේ කීර්තිය මනාව වැඩේ

උත්තාන්වතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ
සංඥතස්ස ච ධම්මජිවිනෝ
අප්පමත්තස්ස යසෝ භිවඩ් ඩ්ති

නැගී සිටි වීර්යයෙන්ද , මනා සිහියෙන්ද යුතුව,
නිදොස් දේ කරන, විමසා බලා කටයුතු කරන,
තැන්පත් දැහැමි දිවි පැවතුම් ඇති
නොපමා වූ පුද්ගලයාගේ කීර්තිය මනාව වැඩේ


නොපමා වූ තැනැත්තේ පමා වුවන් පසු කර ඉදිරියටම යයි

අප්පමතෝ පමත්තේසු
සුත්තේසු බහුජාගරෝ
අබලස්සඞ් ව සීඝස්සෝ
හිත්වා යාති සුමේධසෝ

පමා වුවන් අතුරෙහි නොපමා වුත්
නිදන්නවුන් අතුරෙහි බොහෝ නිදි මරන්නවුත්
යහපත් නුවනැත්තා
වේගයෙන් දුවන අශ්වයා අබලන් අශ්වයා පසු කොට යන්නාක් මෙන්
පමා වුවන් හැර යයි


නුවනැත්තා චපල වූ සිත සැමවිට පාලනය කරගනී

ඵන්දනඞ් චපලඞ් චිත්තඞ්
දුරක්ඛඞ් දුන්නිවාරයඞ්
උජුං කරෝති මේධාවී
උසුකාරෝව තේජනං

චංචල වූ චපල වූ රැකීමට අපහසු,
දුසිරිතෙන් වෙන් කොට ගැනීම අපහසු සිත,
නුවනැත්තා,
වඩුවකු හී දණ්ඩක් ඍජු කරන්නාක් මෙන් ඍජු කරයි


Design a site like this with WordPress.com
Get started